බෙලරූස් ජනාධිපති හා වැඩවර්ජිත කම්කරුවකු අතර උණුසුම් තත්ත්වයක්

තම ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳ නැවත නැවතත් අවධාරණය කරමින් සිටි බෙලරූස් ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝ අද දින නව මැතිවරණ පැවැත්වීමට එකඟ වුණා.
ඔහු කියා සිටියේ අලුතින් ජනාධිපතිවරණයක් හා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකි නමුත් ඊට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු බවයි.
මේ සඳහා කාල රාමුවක් ද ඔහු පැහැදිලි කළේ නැහැ.


ලුකාශෙන්කෝ මෙසේ ප්‍රකාශ කිරීමට හේතු වූයේ ඔහුගේ පාලනයට එරෙහිව උද්ඝෝෂණ දැඩි වීමත් සමගයි.
අද දින ඔහුගේ රජයට එරෙහිව බොහෝ කම්හල්වල වැඩ වර්ජන දියත් වුණා. ලුකාශෙන්කෝ කම්කරුවන් හමුවීමට ගිය අතර එහිදී උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වුණා.
එක් කම්කරුවකු හා ලුකාශෙන්කෝ අතර වූ උණුසුම් තත්ත්වයක් පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර තිබුණා. එහිදී එම කම්කරුවා ලුකාශෙන්කෝ කම්කරුවන්ට දෝෂාරෝපණය කරනු වීඩියෝ කරද්දී ඔහුගේ දුරකථනය ඉවත් කරන්නැයි කියමින් ලුකාශෙන්කෝ එම කම්කරුවා දෙසට කඩා පනිනු දක්නට ලැබෙනවා.
ලුකාශෙන්කෝ මැතිවරණ පිළිබඳ නිවේදනය කළේ එයින් පැය කිහිපයකට පසුයි.

Recommended For You

About the Author: Editor