
රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රස පරීක්ෂණ වාර්තා සඳහා ලැබෙන මත් ද්‍රව්‍ය ද මත් දුව්‍ය ජාවාරමට යොදවාගෙන තිබෙන බව ඊයේ (17) අතුරුගිරිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් එම දෙපාර්තමේන්තු සේවකයන් දෙදෙනගෙන් අනාවරනය කර ගන්නට ලැබුණු බව පොලිස් ආංරචි මාර්ග පෙන්වා දෙයි.
ඊයේ උදේ හෙරොයින් ග්‍රෑම් 18 ක් සමඟ අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයේදී අත් අඩංගුවට පත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරිම්වලදි අනාවරනය කර ගත් තොරතුරු මත ඊයේ හවස් වරුවේ හෙරොයින් සහ අයිස් ද බර කිරිමට ගන්නා තරාදියක්ද සමඟ යතුරු පැදියක් සමඟ අත් අඩංගුවට පත් වු සැකකරුද අද අධිකරණයට ඉදිරිපත් කර ප්‍රශ්න කිරීමට අවසර ගන්නා බව ප්‍රකාශ කරන පොලිසිය තවත් රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයින් මේ සඳහා සමබන්ධද යන්න විමර්ශනයට ලක් කරන බව පවසයි.