
මේ වන විට මාල දිවයින් මුහුදු සිමාවේ රඳවා ගෙන සිටින ලාංකේය ධිවරයින් 12 දෙනා බේරා ගැනිම සඳහා මාල දිවයින,ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්ව මේ වන විට ඔවුන්ගේ ගමන් බලපත් සකසා තිබෙන බව lankafastnews.com එම තානාපති කාර්යාලයෙන් කරන ලද විමසිමකදි අනාවරනය කර ගැනීමට හැකි වුණා.
අද උදෑසන මේ කරුණ සම්බන්ධයෙන් අප හා මාල දිවයිනේ ශ්‍රී ලංකා තානාපති රෝහණ බැද්දගේ මහතා සමඟ සිදු වූ සාකච්චාවකදි ඒ මහතා වඩා සවිස්තරාත්මකව තොරතුරු දැන ගැනිමට අපව එම කාර්යාලයේ ඉහල නිලාරිණියක හා සමබන්ධ කිරිමට කටයුතු කළා.ඇය දැනට ගමන් බලපත් සැකසිම සම්බන්ධයෙන් කළ මැදිහත්විම ගැන ද ඉදිරි කටයුතු මාල දිවයින රජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුවන ආකාරය පිලිබඳව තොරුතරු ලබා ගත හැක්කේ විදේශ සබඳතා අමාත්‍යංශයේ මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශයෙන් බව ද දැණුම් දුන්නා.
එම තොරතුරුවලට අනුව එහි මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සමඟ සම්බන්ධ වූවා.ඇය විසින් පැවසු පරිදි අප ලිඛිතව ඇයට විද්‍යුත් තැපෑලෙන් කරුණු ඉදිරිපත් කරමින් මේ ධිවරයන් සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් විම සදහා ගෙන ඇති පියවර කවරේද යන්න විමසා සිටියා.
අප එම නිලධාරීතුමියගේ ඉක්මන් මැදිහත්විම අපේක්ෂාවෙන් මේ වන විට මහ මුහුද මැද මසක් ඉක්මවා සහ මසකට ආසන්න කාලයක් කණ්ඩායම් දෙකකට රඳවා ගෙන සිටින ලාංකික ජීවිත 12 සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන්නෙමු.