නාමල් පිය පා වැද ක්‍රීඩා පරිපාලනයට පිවිසෙයි

නාමල් රාජපක්ෂ ක්‍රිඩා අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ද එක් වි සිටියා.සිය දස වසරක පාර්ලිමේන්තු මංත්‍රී ධුර කාලය තුළ පළමුවරට කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් නිල වශයෙන් වැඩ කරන්නට පෙර දේශපාලනයේ දීර්ඝ කාලින අත්දැකිම් ඇති සහ රටේ දෙවරක් ජනාධිපති වශයෙන් පත් වූ සහ මෙවර සිව්වැනි වරටත් අග්‍රාමාත්‍ය ධූරයට පත් මහින්ද රාජපක්ෂ පියතුමාගේ පා නැමද ආශිර්වාද ලබා ගැනීමට නාමල් රාජපක්ෂයන් කටයුතු කළා.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ දෙපා වැද නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා ආහිර්වාද ලබා ගත් අවස්ථාවයි.සිය පවුලේ දේශපාලනය නියෝජනය කරමින් නාමල් රාජපක්ෂයන්ගේ ලොකු තාත්තා වන චමල් රාජපක්ෂ සහ ඔහුගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ යන අමාත්‍යවරුන්ද මේ අවස්ථාවට එක් වි සිටියා.
මේ සමඟ පහළින් දැක්වෙන ඡායාරුපයේ ඇත්තේ නාමල් රාජපක්ෂ සිය රාජකාරිි ආරම්භ කළ අවස්ථාවයි.බිරිඳ ලිමිනි වීරසිංහ,මව ශිරන්ති රාජපක්ෂ සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන් ද ඒ අසළින් සිටිනවා.

Recommended For You

About the Author: Editor