චීනය වෙනුවෙන් ඔත්තු බැලූ හිටපු CIA නිලධාරියා අල්ලයි

චීනය වෙනුවෙන් දශක දෙකක් පමණ තිස්සේ ඔත්තු බැලූ බව කියන හිටපු CIA නිලධාරියකු පසුගිය සිකුරාදා හවායි දූපත්වලදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඇලෙක්සැන්ඩර් යුක් චින් මා නම් 67 හැවිරිදි අයකු වන මොහු තම නෑදෑයකු ද සමග එක්ව මෙම කටයුත්තේ යෙදී ඇතැයි කියනු ලබනවා.


හොංකොං හි උපන් අයකු වන ඔහු දැනට ඇමරිකන් පුරවැසියෙක්. 1982-89 සමයේ CIA සංවිධානය වෙනුවෙන් සේවය කළ ඔහු පසුව ෂැංහයි වෙත පදිංචියට ගොස් තිබෙනවා. නැවත ඔහු හවායි වෙත පැමිණ ඇත්තේ 2001දී යි. ඊට පෙර ඔහු චීන බුද්ධි නිලධාරීන් හමුවී ඩිලර් 50,000 ක මුදලක් ලබාගෙන ඇතැයි ද එම ගනුදෙනුව පටිගත කෙරී ඇති බවද හෙළිවී ඇතැයි වාර්තා වනවා.
ඔහුගේ ඥාතියා කිනම් ආකාරයෙන් මෙම වැඩපිළිවෙළට සම්බන්ධ වූයේද යන්න මෙතෙක් බලධාරීන් විසින් මාධ්‍යයට හෙළි කර නැහැ.

Recommended For You

About the Author: Editor