
රුසියාවේ ජනාධිපති පුටින්, චීන ජනාධිපති ෂී ජින්පිං, උතුරු කොරියාවේ කිම් ජොංග්-උන් සහ තුර්කියේ රචෙප් තයෙප් අර්ඩොවාන් යනු ලෝක ශූර චෙස් ක්‍රීඩකයන් වැනි නායකයින් බවත් ඔවුන් අහලකින්වත් ජෝ බයිඩන් තැබිය නොහැකි බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටිනවා.
විස්කොන්සින් හි පැවති රැළියක් අමතමින් ට්‍රම්ප් කියා සිටියේ මේ හේතුව නිසා එම රටවල් සියල්ලක්ම මෙන්ම ඉරානය ද එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී බයිඩන්ගේ ජයග්‍රහණය අපේක්ෂා කරන බවයි.
මීට පෙර වතාවක ට්‍රම්ප් සඳහන් කර තිබුණේ පුටින් පුද්ගලිකව තමාට කැමැත්තක් දක්වන බව පෙනුණද තම මැතිවරණ ජය අපේක්ෂා නොකරන බවයි. චීනය ද ඔහුව පරාජය කිරීම කෙරෙහි බොහෝ අවධානය යොමු කරන බව ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණා.