
නව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්.පිරිස් පෙන්වා දෙන්නේ අද තියෙන අධ්‍යාපන ක්‍රමය ගැලපෙන්නේ නැහැ කියලා හැමෝම හිතන තත්ත්වයක් තුළ එය වෙනස් කිරීමට පියවර ගත යුතු බවය.
ඊයේ (17) අධයාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදි මේ බව පැවසූ අමාත්‍යවරයා හැකි ඉක්මණට හැකිනම් ලබන මාසයේ සිටම මේ සම්බන්ධයෙන් දිවයින පුරා සාකච්ඡා පැවත්විමට අපේක්ෂා කරන බව පැවසීය.පාඨමාලා නවිකරණය වගේම විෂයන් ගණන, විෂය නිර්දේශයන්හි හරය, උගන්වන ක්‍රමය ආදි සියලු කරුනු සම්බන්දයෙන් අවදානය යොමු කළ යුතුව ඇතැයිද අමාතයවරයා මෙහිදි තව දුරටත් පෙන්වා දුන්නේය.
උගන්වන කරුණු මතක තබාගෙන ගොස් ලිවිම විභාගයක අරමුණ නොවිය යුතු බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා,ළමයාට අලුත් දේවල් ඉගෙන ගැනීමට තියෙන කැමැත්ත වර්ධනය කරන ආකාරයට අලුත් විෂයන් ඇතුළු අවශ්‍යයතාවයද අවධාරනය කළේය.