අප්‍රේල් 06 වන දා ආරක්ෂක ලේකම්වරයා සමඟ වූ සංවාද හතරේදි ප්‍රහාරය ගැන තොරතුරු කිව්වේ නැහැ -රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිය අවස්ථාවේ දි, රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අප්‍රේල් 06 වන දින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අතර වූ දුරකතන සංවාද හතරේදි ප්‍රහාරය පිලිබඳ පළමු බුද්ධි තොරතුර පිළිබද ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළේ ද යන්න විමසා සිටි අතර,එවිට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා පැවසුවේ අප්‍රේල් 04 වැනිදා තමාට ලද පළමු තොරතුරු පිළිබඳ තවදුරටත් තහවුරු කරගැනීම් සිදුකරමින් සිටි බැවින් අප්‍රේල් 06 වැනිදා ඒ සම්බන්ධයෙන් ලේකම්වරයා දැනුවත් නොකළ බවය.
අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරිය ඔහුගෙන් ඒ ආකාරයෙන් ප්‍රශ්න කරන්නට හේකු වූයේ,2019 ප්‍රේල් මස 04 වැනිදා මෙරට වෙලාවෙන් පෙ.ව 10.40ට පමණ විදෙස් බුද්ධි සේවයක තොරතුරුකරුවෙකුගෙන් “වට්ස් ඇප්“ පණිවුඩයක් ලෙස තමන්‍ට ප්‍රහාරය සම්බන්ධයෙන් පළමු තොරතුරු ලැබුණ බවත්,අප්‍රේල් 05 වන දින තවත් තොරුතරු තමන් ඒ සම්බන්ධයෙන් සොයාගත් බවටත් කොමිසම හමුවේ නිලන්ත ජයවර්ධනයන් විසින් ප්‍රකාශ කිරීමෙන් පසුවය.
එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර තමන්ට ලැබුණේ අප්‍රේල් 09 වන දින බව පැවසුවද,නිලන්ත ජයවර්ධන පවසන්නේ තමන් එය අප්‍රේල් 7 වන දින පොලිස්පතිවරයාට දැණුම් දුන් බවය.
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පවසන පරිදි පොලිස්පතිවරයාට මේ තොරතුර ලබා දුන් දවසේම ඔහු ඒ තොරතුරු කිසිඳු වෙනස්කමකින් තොරව රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට ලබා දී ඇති අතර එයට Top Secret යනුවෙන්ද යොදා ඇත.
අප්‍රේල් 04 ලද පළමු බුද්ධි තොරතුරට අදාළව අප්‍රෙල් 05 වැනිදා සහකාර අධ්‍යක්ෂකවරයා විසින් නිලන්ත ජයවර්ධන මහතාට ලබාදෙන ලද වාර්තාව කොමිසමේ අවධානයට ලක්වු අතර එහි වැදගත් පල්ලියක් ලෙස පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය සිතියමක ලකුණු කර තිබීම විශේෂ සැළකිල්ලකට භාජනය විය.
ජනාධිපති කොමිසමේ සමාජිකයෙක් මෙහිදි නිලන්ත ජයවර්ධනයන්ව ප්‍රශ්න කරමින් අසා සිටියේ තොරතුරු ලැබී තිබියදිත් රාජ්‍ය බුද්ධි සේවය එහි වියහැකිභාවය පිළිබඳ සොයා බලමින් සිටිය දී ත්‍රස්තවාදින් බෝම්බ පුපුරුවා හැරීම රාජ්‍ය බුද්ධි සේවයේ දුර්වලතාවය නොවේ ද යන්නය.
ප්‍රහාරය එල්ලවීමට පෙර දිනයේ හෙට ගහනවා යැයි දැනුම්දුන් බවත්,ඊට සති දෙකකට පෙර වගකිවයුතු අංශ දැනුවත් කළ බවත් පැවසූ නිලන්ත ජයවර්ධන ප්‍රහාරයන් 6 ක් පසුව දෙකක් සහ ආයුධ පැටවූ ලොරියක් ගැනත් තමන් ලබා දුන් තොරතුරුවල තිබුණු බව පැවසුවේය.
රාජ්‍ය බුද්ධි සේවයේ ක්‍රියාකලාපය දුර්වල යැයි පැවසීම පිළිගැනීමට නොහැකි බව පැවසූ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා තමන්ගේ ද වැරදි තිබිය හැකි බව ද පැවසීය.

Recommended For You

About the Author: Editor