පාස්කු ප්‍රහාරයට ජනපති සහ ආණ්ඩුව අතර තිබූ විරසකයත් හේතු වුණා – රුවන් විජේවර්ධන

පාස් ක ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කර ඇති ජනපති කොමිසම ඉදිරියේ සාක්කි ලබා දුන් හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සාක්කි දීමෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේ ජනපති සහ ආණ්ඩුව අතර තිබූ විරසකයත් පාස්කු ප්‍රහාරයට හේතුවක් වූ බවය.
දින 52 ක් ක්‍රියාත්මක වූ ආණ්ඩුව අධිකරණයෙන් ප්‍රතික්ෂේප විමෙන් අනතුරුව ආරක්ෂක කවුන්සලයේ රැස්වීම් සඳහා තමා පමණක් නොව අග්‍රාමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහවත් කැදවූවේ නැති බව මෙහිදී රුවන් විජේවර්ධන මාධ්‍යවේදීන් විසින් නැඟූ ප්‍රශ්නවලට පිිළිතුරු ලෙස කියා සිටියා.
කොමිසම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම කොමිසම හරහා රටට ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් හෙළිවනු ඇතැයි විශ්වාස කරන බවය.

Recommended For You

About the Author: Editor