විදේශ අමාත්‍යංශය lankafastnews.com වෙත ඉක්මණින් ප්‍රතිචාර දක්වයි-

විදේශ අමාත්‍යංශය මාලේ මුහුදේ සිර කරගෙන සිටින ධීවරයන් බේරා ගැනීමට සාකච්ඡා කරන බව දන්වයි

lankafastnews.com වෙබ් අඩවිය අද උදෑසන විදේශ සඳතා අමාත්‍යංශයේ මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් රුවන්ති දැල්පිටිය සමඟ කරන ද දුරකතන සංවාදයෙන් පසු ඇයගේ ඉල්ලීම පරිදි උදෑසන 10.59 ට විද්‍යුත් තැපෑලෙන් ලිපියක් යොමු කරමින් මේ මොහොතේ මාල දිවයින් මුහුදේ එරට ආරක්ෂක අංශවල අත් අඩංගුවේ පසුවන ධීවරයන් සම්බන්ධයෙන් ගෙන ඇති රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම සම්බන්ධයෙන් විමසා සිටියෙමු.
අද පස්වරු 5.02 වන විට ඒ වෙනුවෙන් ප්‍රශංසනීය මැදිහත්වීමක් කරමින් අධ්‍යක්ෂ ජෙනරාල්වරිය විද්‍යුත් තැපෑලෙන් පිිළිතුරු ලිපියක් යොමු කරමින් පවසන්නේ “මේ වන විට විදේශ අමාත්‍යංශය මාල දිවයින් මුහුදේ රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකික ධීවරයන් නිදහස් කොට ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මාලදිවයින් විදේශ අමාත්‍යංශය හා කොළඹ පිහිටි මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡා පවත්වමින් සිටියි” යනුවෙන්ය.
අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ කාර්යශීලී මැදිහත්වීමට අපේ වෙබ් අඩවියේ ප්‍රශංසාව හිමිවන්නේ රාජ්‍ය සේවය සමබන්ධයෙන් පමාවීම් අත්පසුවිම් විශාල වශයෙන් ඇහෙන,දකින,වාර්තාවන පසුබිමක් පැය කිහිපයක් ඇතුත පිිළිතුරු සපයන්නට ඉදිරිපත් විම නිසයි.
අද උදෑසන සිටම මාල දිවයින තානාපති රෝහණ බැද්දගේ මෙන්ම එහි නීති නිලධාරිණියද හිර වී සිටින ධිවර ප්‍රජාව සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරන ලද විමසීම්වලදී දැක් වූ සුහඳතාවය මෙන්ම කාර්යක්ෂම බව ද ඉතා අගය කොට සළකන අතර නමුත් අප එම ධීවරයන් සම්බන්ධයෙන් වඩාත් වගකීමෙන් මාධ්‍ය මෙහෙවරේ නිරත වෙමින් විමසිල්ලෙන් මැදිහත්වීම් කරන බවත් පවසන්නෙමු.
එසේම අගෝස්තු 17 වන දින ධිවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කහවත්ත සහ නිහාල් යන නිලධාරීන් දුරකතනයෙන් සම්බන්ධ කර ගන්නට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් එම දුරකතන අංකවලට කිසිවෙක් ඇමතුවේ නැති අතර,එහි පොදු දුරකතන අංකය ද ගන්නා ලද ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීය.එවැනි අත්දැකීමක් සමඟ ගත් විට විදේශ අමාත්‍යංශය සහ මාල දිවයින තානාපති කාර්යාලයේ නිධාරීන්ගේ සුහදශිලී භාවයට සහ කාර්යක්ෂම භාවයට අපි ගරු කරමු.
නමුත් වඩාත් වැදගත්වන්නේ එම කාර්යක්ෂම භාවය සහ සුහදතාවය යොදා ගනිමින් මේ ධීවරයන් දොළොස් දෙනා ලංකාවට රැගෙන ඒම බව යළිත් සිහිපත් කරන්නෙමු.

Recommended For You

About the Author: Editor