සම්පායෝ ගැන පොලිස්පතිත් කතා කරලා

රජයේ නියොජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මීගමුව බන්ධනාගරයේ හිටපු අධිකාරිවරයාට එල්ල වි ඇති චෝදනා සම්බන්ධයෙන් පැවත්වෙන නඩු විභාගයට පෙනි සිටිමින් අධිකාරිවරයාව අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදී ඔහුගේ සොහොයුරා පොලිස්පතිවරයාටද කතා කර තිබෙන බව අධිකරණයට දන්වා සිටියා.එම සහෝදරයාම කර ඇති ප්‍රකාශයක් උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ,ඒ අවස්ථාවේ පොලිස්පතිවරයා මටත් ලෙඩක් වැටෙන්නයි යන්නේ යනුවෙන් පවසා ඇති බවය.
අත් අඩංගුවට ගැනීමක් සිදු වී නොමැති බවත් බොහොම සුහදතාවයෙන් හිටපු අධිකාරිවරයාගේ පාසල් මිතුරා වූ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත භාර වීම සීසීටීවී කැමරා දර්හන හමුවේ පැහැදිළි වන බවත් මෙහිදී දිලීප පීරිස් අධිතරණයට කරුණු ගෙන හැර දැක්වීය.
එසේම මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයාගේ සමයේ ඇතැම් කාමරවල (වාට්ටු) නිදන ස්ථාන ලබා ගැනීමට රුපියල් 25 000 ක් බෝඩිං ගාස්තුවක් ගෙවන්නටත්,තවත් ඇතැම් ස්ථානවල ලැගුම් ගැනීමට රුපියල් ක්ෂයක මුදලක් ගෙවන්න වී තිබෙන බවත් මිනීමැරුමක් සඳහා අත් අඩංගුවට ගත් පුද්ගලයෙක්ගේ ප්‍රකාහ උඵුටා දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය ඉදිරියේ කරුණු ගෙන හැර දැක්වීය.

Recommended For You

About the Author: Editor