
නෙළුව – ලංකාගම මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් ලෝක උරුම සිංහරාජ වනයේ ස්වභාවික වටිනාකමට මෙන්ම එහි ජල පෝෂඛ කළාපවලටත් හානි සිඳුවන බවටත් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වන මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.ප්‍රේමසිරි පෙන්වා දෙන්නේ මෙම මාර්ගයේ සංවේදි පරිසර කොටස් ඇතුළත් කිලෝ මීටර් 1.1 දුර ප්‍රදේශයේ කිසිඳු ඉදිකිරීමක් කර නැති බවත්,ඉදිරියට එවැනි ඉදිකිරීමක් සිදු නොකරන බවත්ය.
කිලෝ මීටර් 18 ක් පමණ දිගුවන මෙම මාර්ගය ඉදි කරනු ලබන්නේ ඒ ප්‍රදේශවල ගම්වාසීන් විසින් කරන ලද ඉල්ලීමකට බව පෙන්වා දෙන මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයා නමුත් පරිසරයට හානිවන අන්දමෙන් එය ඉදි නොකරන ලෙස ජනාධිපතිවරයා විසින් වනජීවී හා වන සම්පත් අමාත්‍යවරයාට උපදෙස් දි ඇති බවත් පෙන්වා දෙයි.
දැනට යුද හමුදාව යොදවාගෙන කරමින් තිබෙන එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමබන්ධ ඡායාරූපයක් මේ සටහනේ ප්‍රධාන ඡායාරූපය ලෙස යොදා ඇත,මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයා විසින් මාධ්‍ය වෙත යොමු කරන ලද ලිපිය සටහනේ පහතට අමුණා ඇත.
