
මත් ද්‍රව්‍ය ජවාරම් හා සම්බන්ධ ජාලගත සම්බන්ධතා සොයා කරන පොලිස් පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක බව බස්නාහිර පළාත් භාර නියෝජය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
පාදුක්ක පොලිසිය විසින් මත් දැව්‍ය සමඟ අත් අඩංගුවට ගනු ලබන තරුණයෙක් හරහා කොළොන්නාව දක්වා විවිධ ආකාරයෙන් විහිදි ඇති මත් ද්‍රව්‍ය ජවාරමක සුල මුල හඳුනාගැනීම සහ එම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම ගැන අදහස් දක්වමින් ඒ බව ප්‍රකාශ කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ අත් අඩංගුවට ගැනීමේ සිදුවීම ද තව දුරටත් විහිදි ඇත්දැයි විමර්ශනය කිරීම අඛණ්ඩව සිඳුවන බව පවසනවා.