පිල්ලෙයාන් සහ චොකා පාර්ලිමේන්තු එයි

හෙට ඇරඹෙන නව පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය සඳහා සහභාගි වීමට මඩකළපුව දිස්ත්‍රික්කයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ටත් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිටත් නීතිමය අවසර හිමි වී ඇත.ඒ අනුව ඔවුන් හෙට ඇරඹෙන ාර්ලිමේන්තු සැසි වාරයේදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිවිරුම් දීමටද කටයුතු කරනු ඇත.
පිල්ලෙයාන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්සිත බන්ධනාගාර ගතව සිටියි.ඔහු මඩකළපුව මහාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමකින් හෙට (20) ඇරඹෙන පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වීමට අවසර ගෙන ඇත,
මිනීමැරුඹ් චෝදනාව වරදකරු වි මරණ දණ්ඩනය නියම වි සිටින ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි වෙත මේ සඳහා අවසර ලැබි ඇත්තේ එම තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට අදාළ තොරතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත එවීමට පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා කටයුතු කර තිබීම නිසයි.

Recommended For You

About the Author: Editor