පුද්ගලයෙක්ගෙ වැඩකට නගර සභාව පටලවලා

දෙවන බුවනෙකබා රජ්ගේ රාජ සබාව මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගර සභාවේ වියදමෙන් නඩු ගාස්තු සහ නිති උපදේශයන් සඳහා ගෙවීමට රුපියල් විසි එක් ලක්ෂ අසූ දහසක මුදලක් ගෙවීමට එම නගර සභාව ගත් තීරණය විවේචනය කරන සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුනාරත්න පෙන්වා දෙන්නේ මේ පුද්ගලයෙක්ගේ වැඩකට නගර සභාව පැටලවීමක් ලෙසයි.
මෙම පුරා වස්තු ඩෝසර් කිරිමේ ක්‍රියාවලියට නාගරික කොමසාරිස්වරයාද අනුමැතිය දි අත්සන් තබා නැති බව ප්‍රකාශ කරද්දි නගරාධිපතිවරයා කර තිබෙන මේ ක්‍රියාවට භාහිර නිතිඥ පිරිසකට අහිංසක මහ ජනතාවගේ මුදල් වැය කිරිම නිති විරෝදි බව පෙන්වා දුන් නාමල් කරුණාරත්න ඉදිරයේදි අදාල නිති උපදෙස් අනුව මිට විරුද්ධව අධිකරණයට යාමට සූදානම් බව පැවසීය.

Recommended For You

About the Author: Editor