රස පරික්ෂක දෙපාර්තමේන්තුව හෑල්ලුවට ලක් කිරීම රටේ අනාගතයට හොඳ නැහැ – අතිරේක රස පරික්ෂක ඩීඑච්එල්ඩබ්ලිව් ජයමාන්න

ලංකාවේ බොහෝ අපරාධ සම්බන්ධයෙන් විද්‍යාත්මක සාක්ෂි සපයන ආයතනය වන රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අප කිර්තියට පත් කිරීම හෝ හෑල්ලුවටලක් කිරිම රටේ අනාගතයට කරන අයහපතක් මෙන්ම අපරාධවලට කරන අනුබල දිමක් විය හැකි බව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක රස පරීක්ෂක ඩීඑච්එල්ඩබිලිව් ජයමාන්න පවසනවා.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යාල සහයකයන් දෙදෙනෙක් අත් අඩංගුවට පත් විම සමබන්ධයෙන් මාධ්‍යවල පළවන වාර්තා ගැන lankafastnews.com කළ විමසිමකදි ඒ මහතා තව දුරටත් කියා සිටියේ, රස පරික්ෂක දෙපාර්තමේන්තුවට අයත් අධිකරණ විද්‍යා අංශය, නඩු භාණ්ඩ සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති මතත්,මත් දුව්‍ය අංශයේ ආරක්ෂාව ගැනත් සළකා බලද්දි රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයින් සම්බන්ධ කරගෙන දිගු කාලින හෝ මහා පරිමාන ජාවාරමක් කල නොහැකි බව තමාට වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බවයි.
විශේෂයෙන්ම නඩු භාණ්ඩ සහ මත් ද්‍රව්‍ය අංශ සඳහා අවසර ලත් විශේෂ සේවක කණ්ඩායමක් සිටින බවත් මෙම සේවකයන් දෙදෙනා එම අංශවල ස්ථිර සේවකයින් නොවන බව දේපාර්තමේන්තුවට පැමිණ ඕනැම කෙනෙක්ට පරික්ෂා කර දැන ගත හැකි වනු ඇති බවත් අතිරේක රස පරීක්ෂකවරයා ප්‍රකාශ කරනවා.
බොහෝ අපරාධ සම්බන්ධ නඩුවලදි ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි සපයන්නා වන රස පරික්ෂක දෙපාර්තමේන්තුව මේ ආකාරයට අපකීර්තිමත් සහ විශ්වසනීය නොවන ආයතනයක් ලෙස සමාජ ගත කිරිම හරහා අපරාධකරුවන්ට සහ ඊට අනු බල දෙන්නන්ට විශාල වාසියක් ලබා ගන්නට නීතියේ ඉඩ කඩක් සකසා ගැනිමටත් මේ මොහොතේ ඇතැමුන් උත්සාහ කළ හැති බව ද අතිරේක රස පරීක්ෂකවරයා පෙන්වා දෙනවා.
මේ තත්ත්වය සැළකිල්ලට ගෙන රස පරික්ෂක දෙපාර්මේන්තුවේ ආයතනික ව්‍යහුයේ ඇති පිරිසිදු කම සියයට සියයක් විශ්වාස නමුත් පොලිස්තුමා අමතා මේ සිදුවීම සමබන්ධයෙන් පරීක්ෂණයක් කරන්න විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවන්න අවසර ඉල්ලා ඇති බව ප්‍රකාශ කළ ඔහු, ඒ සඳහා දෙපාර්තමේන්තු මට්ටමෙන් දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බවත් ප්‍රකාශ කළේය.

Recommended For You

About the Author: Editor