මාලි ජනපති, අගමැති අත් අඩංගුවට ගනී

මාලි රාජ්‍යයේ ජනාධිපති ඊබ්‍රහීම් බුබාකර් කීටා සහ අගමැති සුමේලු බුබේයේ මයිගා අත් අඩංගුවට ගත් බව එරට හමුදා කුමන්ත්‍රණයක් මෙහෙයවන කණ්ඩායම පවසනවා. මෙම හමුදා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පෙනී සිටින්නේ කර්නල් ඩියාවු නමැත්තෙක්.
මෙම කුමන්ත්‍රණය දියත් වූයේ බමාකෝ අගනුවර ආසන්නයේ කාටි හමුදා කඳවුරේ සිටයි. කැරලිකාර හමුදා කණ්ඩායම් ඉතා ඉක්මණින් ම බමාකෝ නගරයේදී රජයේ ඇමතිවරුන් පිරිසක් අල්ලාගත් බව වාර්තා පළ වුණා.
මේ අතර, ජනාධිපති හා අගමැති අත් අඩංගුවට ගත් පුවත සැළ වී බමාකෝ අගනුවර ඇතැම් පිරිස් ප්‍රීතිඝෝෂා කරන අයුරු දැක්වෙන වීඩියෝපට ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.


මාලි රාජ්‍යයේ ජූනි මාසයේ මුල පටන් රජයට එරෙහි උද්ඝෝෂණ පැවතියා. විරුද්ධ පක්ෂ එකමුතුවක් වන “ජූනි 5 ව්‍යාපාරය” රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිටියා. මාලි රාජ්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය කිහිප වරක්ම කල් දමනු ලැබ තිබෙනවා. රජයට එරෙහිව මැතිවරණයකල් දැමීම සහ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ චෝදනා පවතිනවා.

Recommended For You

About the Author: Editor