2016 දී ඩිමොක්‍රටික් පක්ෂ ගිණුම් හැක් කිරීමට පුටින් අණ දීලා

2016 ඇමරිකන් ජනාධිපතිවරණය අතරතුර ඩිමොක්‍රටික් පක්ෂ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ ගිණුම් හැක් කිරීමට රුසියන් ජනාධිපති ව්ලදිමීර් පුටින් නියෝග කළේ යයි ඇමරිකන් සෙනට් සභාවේ බුද්ධි කමිටු පරීක්ෂණ වාර්තාවක් කියා සිටිනවා.


ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ක්‍රියාවට කෙලින්ම සම්බන්ධ නොමැති බව මෙම වාර්තාව කියා සිටිනවා. කෙසේ වෙතත් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ පෝල් මැන්ෆර්ට්ගේ නම ඊට ඈඳී තිබෙනවා.
මෙම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ඇමරිකානු මැතිවරණ ක්‍රමය කෙරෙහි විශ්වාසය බිඳ දමීම මෙන්ම හිලරි ක්ලින්ටන් පරාජය කිරීම ද රුසියාවේ අරමුණ වූ බවයි.

Recommended For You

About the Author: Editor