බයිඩන් දිනවන්නැයි කාටර් සහ ක්ලින්ටන් ඉල්ලති

කොරෝනා ව්‍යාප්තියෙන් අර්බුදයට මුහුණපා සිටින අමෙරිකාව ඉන් මුදාගැනීමට ජෝ බයිඩන් සමත් වනු ඇතැයි හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරුන් වන ජිමි කාටර් සහ බිල් ක්ලින්ටන් පවසා ඇත.
ඒ ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස ජෝ බයිඩන්ගේ නම එම පක්ෂය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුැරුවය.
ඒ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් ප්‍රකාශ කර ඇති බිල් ක්ලින්ටන් පෙන්වා දි ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් නිර්මාණය කළ වියවුලෙන් අමෙරිකාව මුදා ගැනීමට ජෝ බයිඩන් ට හැකි බවය.
සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකත්වයට පත්වීම සිය ජිවීතේ හිමිවු ගෞරවයක් බව පවසන බයිඩන් ඒ සඳහා සුදුසුකම් ලබා ඇත්තේ,ඩිමොක්‍රටික් නියෝජිතයින් සහ ප්‍රාන්ත 50 ක මෙන්ම එක්සත් ජනපදයේ ප්‍රදේශ හතක සාමාන්‍ය ජනතාවගේ වැඩි ඡන්දයෙන්ය.

Recommended For You

About the Author: Editor