ක්‍රිකට්වලට ඇඟිළි නොගහ හිටියොත් ක්‍රීඩකයො ටික සෙල්ලම් කරයි – නාමල් රාජපක්ෂ

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් පැවසුවේ ක්‍රිකටවලට ඇඟිළි නොගහ සිටියොත් ක්‍රීඩකයන් සෙල්ලම් කරනු ඇති බවය.ඔවුන් ට අවශ්‍යයවන මොහොතකදී උපකාර කිරිම සහ ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් විම ඇරෙන්න ක්‍රිඩා අමාත්‍යංශය ක්‍රිඩාවට මැදිහත් වීම නොකළ යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.


ක්‍රීඩාව ආර්ථිකයක් බවට පත් කරන වෙනස් පනතක්


මෙහිදි තව දුරටත් අමාත්‍යවරයා පැවසුවේ ක්‍රීඩා පනත 1973 දි නිර්මාණය වූ බවකි.එය විවාත ආර්ථිකයටත් පෙර සැකසි පනතක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා,ක්‍රීඩාව එදාට වඩා අද වන විට බොහෝ සේ වෙනස් වි ඇති බව පෙන්වා දුන්නේය.අද ක්‍රිඩාව වානිජ කරණය වි ඇති බව පැවසු අසල්වැසි ඉන්දියාවේ අයිපිඑල් තරඟවලිය වැනි දේ උදාහරණයට ගනිම්න් ක්‍රීඩාව රටේ ආර්ථිකයක් බවට පත් වි ඇති බව පෙන්වා දුන්නේය.රටේ ක්‍රීඩකයා වෘත්තීය මට්ටමට උසස් කළ යුුතු බව පෙන්වා දුන් නව ක්‍රිඩා අමාත්‍යවරයා ඒ සඳහා ඊට අවශ්‍යය ආකාරයට ක්‍රීඩා පනත ප්‍රතිව්‍යුහගත කිරිම හෝ අලුත් පනතක් සැකසීම අධිකරණ අමාත්‍යවරයාගේ,ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කිරීමට අපේක්ෂා කරන බව ද පෙන්වා දුන්නේය

Recommended For You

About the Author: Editor