
කෝටි දෙක හමාරක මුදලක් සංසරණය වූ ගිණුම් දෙකක් සහිත මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකුගේ නිවසක මෙහෙකාරියක ලෙස සිටි තැනත්තියක්,පොතිස් අත් අඩංගුවේ පසුවන සැකකරුවෙක් විසින් ලබා දුන් තොරතුරු මත අත් අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සමත් වී .තිබෙනවා.
මෙම මෙහෙකාරිය විසින් පවසා ඇත්තේ තමා “වින්දනී ප්‍රියදර්ශනී” හෙවත් “70 වත්තේ පොඩ්ඩිගේ” අංශ භාග රෝගයෙන් පෙලෙන මවගේ උපස්ථාන කටයුතු කළ බවය.
මේ අතර ජාවාරම්කරුවන්ට පහසුකම් සැපයීමේ චෝදනා මත පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරීන් සමග සබඳතා පවත්වා ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බැවින් ය.