ජනතාවට ඕනි ඇමති කෙනෙක් නෙමෙයි තමන්ව නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් – මහින්ද රාජපක්ෂ

නවවන පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රී වරුන්ගේ වැඩ මුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ දේශනයේදී පෙන්වා දුන්නේ ජනතාව ඇමති වරයෙක් හදන්න උත්සාහ නොකරන බවත්,ඔවුන්ට අවශ්‍යය වන්නේ තමන්ව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් බවත් ය.

“මොන බල සම්පන්න ඇමතිකම තිබුණත්, තමන්ගේ මන්ත්‍රීකම හරියට නොකළොත් ජනතාව එයාව ගෙදර යවනවා”අග්‍රාමාත්‍යවරයා මෙහිදී මන්ත්‍රී ධූරයේ වැදගත් කම පෙන්වා දෙමින් පැවසීය.ඒ නිසා මේ මොහොතේ රටට වැදගත් පාර්ලිමේන්තුවේ හොඳ මන්ත්‍රීවරයෙක්,මහජන නියෝජිතයෙක් වීම බව ද ඔහු එහිදි අවධාරණය කළේය.

නවවන පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරී පත් වී ආ නවක මන්ත්‍රීවරු 65 ක් සහ ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව ලද මන්ත්‍රීවරු 16 ක් සිටිති.

ඡායාරූපයෙන් දැක්ව‍ෙන්නේ නවවන පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පැවත්වීමට අග්‍රාමා්‍යවරයා පැමිණි අවස්ථාවේ කතානායක මහින්ද යාපා විසින් පිළිගනු පැබූ අවස්ථාවයි

Recommended For You

About the Author: Editor