කුරානය ගිණිතැබීමේ සිද්ධියකින් ස්වීඩන නගරයක් කැළඹෙයි


අන්ත දක්ෂිනාංශික ක්‍රියාධරයකු විසින් ඉස්ලාමීය ආගමික ශුද්ධ ග්‍රන්ථය වන කුරානය ගිනි තැබීමේ සිද්ධියක් මුල් කරගෙන මැල්මෝ නගරය නොසන්සුන් වුණා.
ඊයේ රාත්‍රියේ එම නගරයේ මුස්ලිම් ජනයා වසන ප්‍රදේශවල උද්ඝෝෂණ වාර්තා වුණ අතර තත්ත්වය පාලනය කිරීම පොලිසියට ද අසීරු වුණා.
කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණ හේතුවෙන් කිසිවකුට තුවාල සිදු වූ බවක් වාර්තා වන්නේ නැහැ.

Recommended For You

About the Author: Editor