
ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මෙම පැමිණිල්ල සෘජුව ඉදිරිපත් කළ නොහැකි නිසා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කරන බවත්, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේය.
ක්‍රිකට් තරග පාවාදීමක් සම්බන්ධ සාවද්‍ය චෝදනා ඉදිරිපත් කිරීම පිළිබඳව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් සමාජවාදී තරුණ සංගමය ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය පාවා දුන්නේ යයි මහින්දානන්ද අලුත්ගමගේ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බැවින් ඔහුට එරෙහිව 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව ක්‍රියා කරන්නැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා ගොනු කළ එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මෙම පැමිණිල්ල සෘජුව ඉදිරිපත් කළ නොහැකි නිසා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කරන බවත්, ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

මේ පිළිබඳ ප්‍රතිචාර දක්වා ඇති හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර තිබෙන්නේ නිසි පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර නොගෙන, සාක්ෂි නැතැයි පවසමින් පොලිසිය අදාළ විමර්ශනය අවසන් කර ඇති බවය. තමා මේ සම්බන්ධයෙන් ජූලි 03 ජනාධිපතිවරයා දැනුවත් කළ බව ද මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබේ.
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 13 වන වගන්තිය සහ 11 ඊ යන වගන්ති ද පදනම් කරගෙන තිබේ.
එම පනතේ 13 වගන්තිය අනුව සාවද්‍ය චෝදනා එල්ල කිරීම වරදකි. එහි මෙලෙස සඳහන් වේ.
“මේ පනතේ 16 වන වගන්තිය යටතේ හෙළිදරව් කරනු ලබන යම් තොරතුරක ඇතුළත් යම් චෝදනාවක අන්තර්ගතය සාවද්‍ය බව දැන දැනම හෝ, ඒ චෝදනාව සත්‍ය නොවන බව විශ්වාස කිරීමට හේතු තිබිය දී ඒ තොරතුර මගින් යම් සාවද්‍ය චෝදනාවක් කරන යම් තැනැත්තෙකු මේ පනත යටතේ වරදක් සිදු කරන අතර, මහේස්ත්‍රාත්වරයෙකු විසින් වරදකරු කරනු ලැබීමේ දී රුපියල් ලක්ෂ එකකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු තුනක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතුය.”