
සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ගොවීහු ජනාධිපතිගෙන් ඉල්ලා සිටිති. පසුගිය කන්නවලදි ඉහළ අස්වැන්නක් ලැබිණ. එහෙත් සහල් හිඟයක් මවා පෑමට දරණ උත්සාහයට ඉඩ දිය යුතු නැතැයි ගොවීහු පවසති.
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වඳින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ඊයේ (05) පෙරවරුවේ පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගොවීහු මේ ඉල්ලීම කළහ.
විනාශ වෙමින් පැවති සහල් ගබඩා රජය පත්වීමෙන් පසු ප්‍රතිසංස්කරණයට සහ වී මිලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ බව ජනාධිපතිවරයා ගොවීන් සමග කියා සිටියේය. ඉදිරියේ දී වී ගොවියාද රැක ගනිමින් ගැටළුවක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමට රජය සැලසුම් කර ඇති බව රාජපක්ෂ මහතා පැවසීය.