
රටක අධ්‍යාපනයේ ප්‍රධාන වගකීම ඇත්තේ එරට අධ්‍යාපන අමාත්‍යාංශය ටයි. ලෝ පුරා පිළිගත් ඒ සම්ප්‍රදාය ක්‍රියාත්මක නොවන එකම රට ශ්‍රී ලංකාව ද ? ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන රජයේ පාසැල් පද්ධතිය තුළ ලක්ෂ 42 ක් පමණ ශිෂ්‍ය පරපුරක් අධ්‍යාපනය ලබති. ඒ තුළ ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ විෂය නිර්දේශයයි.
එහෙත් 200 කට මදක් වැඩි අන්තර් ජාතික පාසල් වල ( International Schools ) සිසුන් ලක්ෂ ගණනක් ඉගෙන ගන්නා අතර ඔවුන් බහුතරය ඉගෙන ගන්නේ බ්‍රිතාන්‍ය විෂය නිර්දේශයයි (British Curriculum). ඔවුනට අපේ ඉතිහාසය, සංස්කෘතිය, සාර ධර්ම හා ජීවන රටාව උගන් වන්නේ නැත.
අන්තර් ජාතික පාසල් ක්‍රියාත්මක වන්නේ ආයෝජන මණ්ඩලය තුළ (BOl Project) ලියාපදිංචි වී, අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ රජයේ හෝ පාලනයකින් තොරව මුදල් ඉපයීම පමණක් පදනම් කරගත් වෙළෙඳ ව්‍යාපාර ලෙසයි. විෂය නිර්දේශය (Curriculum) ,ගුරුවරුන් සහ පරිපාලකයන් තේරීම,මුදල් අය කිරීම තමන් ට කැමති ආකාරයකින් කවර හෝ රාජ්‍ය නියාමනය කින් තොරව සිදු කරනු ලබයි.
රටක අනාගත පරපුර බිහි කිරීමේ කාර්යය මේ ආකාරයෙන් ජාවාරම්කරුවන් හෝ වෙළඳ ව්‍යාපාරිකයින් අතට පත් වීම කෙතරම් භයානක විය හැකි ද ? අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය ද මේ ඉරණමට පත් වීමේ ප්‍රතිඵල අපිත් මේ වන විටත් අත්දකිමින් සිටිමු.
උසස් පෙළ විෂයන් 3 ම අසමත් (3 F) අය පවා මෑතක දී අධිකරණ නියෝග වලින් වෛද්‍යවරු ලෙස සීමාවාසික පත්වීම් ලබද්දී, උසස් පෙළ විෂයයන් තුනටම A ඒ සාමාර්ථ ලබා ගත් මුදල් හා වරප්‍රසාද අහිමි ශිෂ්‍යයෝ විශාල සංඛ්‍යාවක් වෛද්‍යවරුන් වීමේ වාසනාව අහිමි ව සුසුම් හෙළති. මේ අයුරින් මුදල් හා වරප්‍රසාද වලට සමස්ත අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යටවීමේ භයානක ඛේදවාචකය නම් රෝගීන් ජීවිත බරපතල ලෙස අවදානමකට ලක් වීම යි.
අපේ ඉතිහාසය, සංස්කෘතිය හා සාරධර්ම පිළිබඳ ව අවබෝධයක් හෝ හැඟීමක් නොමැති පර ගැති අදහස් කර පින්නා ගත් රටට ආදරේ නොකරන අනාගත පරපුරක් බිහි වීම බරපතළ තත්ත්වයක් නො වේ ද ?නව යටත් විජිත වාදය, නව මුහුණුවරකින් අන්තර්ජාතික පාසල් (International Schools ) හරහා ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වූ අරමුණ එය නොවේද ?
රජයේ පාසැල් වල ඉගෙන ගන්නා ශිෂ්‍යයින්ට වඩා වසර 3- 4 කට කලින් උපාධිධාරීන් බවට පත් වී රජයේ සහ පෞද්ගලික අංශ වල රැකියා අවස්ථා, උසස්වීම් සහ වරප්‍රසාද ලබා ගන්නා මේ අය අපේ රට වෙනුවෙන් පෙනී සිටී ද ?
රටක අනාගතය තීරණය කරන අධ්‍යාපනය, රජයේ නියාමනය යටතේ , ජාති ආගම් හෝ කවර භේදයක් නොසලකා , සමස්ත දරු පරපුර වෙත එකම නීතිමය රාමුවක් (Legal Frame) තුළ ක්‍රියාත්මක විය යුතු ය.
එමෙන්ම එකම කාල රාමුවක් (Time Frame) සියලු ම පාසල් තුළ ක්‍රියාත්මක විය යුතු ය .සියලුම දරුවන්ට කුසලතාවය හා සමානතාවය අනුව සම අවස්ථා ලබා දිය යුතු ය. (Merit and Equity) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට UN Human Rights Charter අනුව සිදු විය යුත්තේ එයයි.
එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ( UNO) සාමාජික රටක් වන ශ්‍රී ලංකාවේ එය ක්‍රියාත්මක වන්නේ ද?
මද්ද්‍රසා පාසල් ( Madrasa Schools ) නමින් හඳුන්වන ඉස්ලාම් ආගමික පාසැල් තුල සිදු වන්නේ මීටත් වඩා භයානක ක්‍රියාදාමයකි. රජයේ ලියාපදිංචි නොවී ක්‍රියාත්මක වන මද්ද්‍රසා පාසල් විශාල සංඛ්‍යාවක් ඇති අතර” ඒවායේ උගන්වන විෂය නිර්දේශය, ගුරුවරුන් සහ පරිපාලනය පිළිබඳ බරපතළ ගැටලු පවතී. එම පාසැල් වල ද අපේ රටේ විෂය නිර්දේශය ක්‍රියාත්මක නො වන අතර අරාබි විෂය නිර්දේශය , ෂරියා නීතිය ඇතුළු අන්තවාදී මූලධර්ම ශිෂ්‍යයන්ට උගන්වන බවටද මේ වන විට පැමිණිලි ලැබී තිබේ.
මේ තත්ත්වය රටේ සමස්ත ජාතික ආරක්ෂාවට මෙන් ම ජාතීන් අතර සමගිය සහ සහජීවනයට ද බරපතළ තර්ජනයකි.
අධ්‍යාපනය සම්බන්ධයෙන් ද රටේ එකම නීතියක් ක්‍රියාත්මක විය යුතු බව බහුතර ජනතාවගේ අදහස යි. එමෙන් ම මේ තත්ත්වය තවදුරටත් පමා නොවී විසඳිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමු. එසේම ලක්ෂ හතළිස් දෙකක් වන දේශීය විෂය නිර්දේශ හදාරන සිසුන්ගේ පාසල් අධ්‍යාපන කාල සීමාව වසර 13 ක් වෙනුවට වසර 11 එකොළහක් දක්වා අඩු කර රටේ අනික් අයවලුන්ට මෙන් සම අවස්ථා ලබා දිය යුතුව ඇත.
එසේම විදේශ විභාග වෙනුවෙන් වාර්ෂික ව බ්‍රිතාන්‍ය ට ඇදී යන රුපියල් බිලියන ගණනාවක මුදල් මේ රටේ ආර්ථිකයට බලපාන්නේ නැද්ද උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශ ට ඇදී යන මුදල් වෙනුවෙන් කතා කරන මහත්තුරුන්ට මේ කරුණ නොපෙනීම මහත් ගැටලුවකි කන්න ඕන උනාම කබරගොයාත් තලගොයා යන න්‍යාය අපට සිහියට නැගේ.
වසන්ත අල්විස් – මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය