
චීන මැදිරි සහිත දුම්රිය ධාවනයේදී පවතින තිරිංග දෝෂ හේතුවෙන් ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළ ද,දුම්රිය පාලක මැදිරිය පැවසුවේ චීන මැදිරි සහිත දුම්රිය වෙනුවට වෙනත් මැදිරි සහිත දුම්රිය ධාවනයට එක් කළ බවත්,ඒ හේතුවෙන්, කිසිදු දුම්රියක් අවලංගු නොවු බවත්ය.
කෙසේ වුව, දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය පවසන්නේ ඊයේ (31) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් ව තිබෙන බවයි.දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ දෝෂ පවතින බව කියන අදාළ මැදිරි වෙනුවට වෙනත් මැදිරි යෙදවීමට කටයුතු කරමින් සිටින බවයි.