ජපානයෙන් රු. මිලියන 340ක ආධාර

ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය සදහා රුපියල් මිලියන 340 ක ආධාර ලබා දීමට ජපානය ඉදිරිපත්ව සිටියි. ඊට අදාළ හුවමාරු පත්‍රවලට මුදල් අමාත්‍යාංශයේදී ඊයේ(13) අත්සන් තබන ලදි. 

මෙරට මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම් කඩිනමින් මැඩපැවැත්විය යුතු සමාජ ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව මහා පරිමාණ ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් හඳුනා ගැනීම සඳහා නවීන තාක්‍ෂණික උපකරණවල අවශ්‍යතාව ආරක්‍ෂක අංශ පෙන්වා දී ඇත. 

අදාළ නවීන තාක්‍ෂණික උපකරණ සැපයීම සදහායි රුපියල් මිලියන 340 ක් ලබා දීමට ජපාන රජය එකඟවී ඇත. ඒ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුවයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල හා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා යන මහත්වරුන් ඊට අදාළ හුවමාරු පත්‍ර සඳහා අත්සන් තබන ලදි.

Recommended For You

About the Author: Editor