ස්වයං නිරෝධායකයන්ට ඡන්දය දමන්න වෙනම වෙලාවක් – මහින්ද

නිරෝධායන මධ්‍යස්ථානහී නිරෝධායනයට ලක්වී තම නිවැස් හී ස්වයං නිරෝධායනයට ලක්වී සිටින මැතිවරණ ලේඛණයේ නම් සදහන් අයවලුන්ට හවස 4.00 සිට 5.00 දක්ව තමන්ට අයත් ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඡන්දය භාවිතා කල හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඡන්ද පොළ තුලට කොවිඩ් වසන්ගතය පැතිරයාම ගැන කිසිදු අවස්ථාවක් නැති හෙයින් බියෙන් සැකයෙන් තොරව ගොස් සිය ඡන්දය භාවිතා කරන ලෙසද හෙතෙම ඉල්ලීමක් කරයි.

මැතිවරණ රාජකාරිහී නිරත සියළුම නිළධාරීන්ද PCRර්‍ පරීක්ෂණය සදහා යොමුකිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටීමට තමන් බලාපොරොත්තු වන බවද කොමිසමේ සභාපතිවරයා පවසයි.

Recommended For You

About the Author: Editor