
පෝලන්ත ජනාධිපතිවරණයේ දෙවන වටයේදී එරට ජනාධිපති අන්ද්‍රේයි දුදා නැවතත් එම ධුරයට තේරී පත්වුණා.ජූලි 12 වනදා පවත්වන ලද ජනාධිපතිවරණයේ දෙවන වටයේදී ඔහුට වෝර්සෝ නගරාධිපති රෆාල් සර්කොව්ස්කි විසින් තියුණු තරගයක් ලබාදුන්නා.
කෙසේ වෙතත් සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 51.03 ක් ලබාගෙන දුදා ජයග්‍රහණය කළා.පළමු වටයේ ඡන්ද විමසීම ජූනි 28 වනදා පවත්වන ලද අතර එහිදී දුදා සියයට 43.50 ක් ද, සර්කොව්ස්කි සියයට 30.46 ක් ද ඡන්ද ලබාගත්තා. කෙසේ වෙතත් පළමු වටයේදී ඉදිරිපත් ව සිටි ඇතැම් මධ්‍යස්ථ මතධාරීන්ගේ සහය දෙවන වටයේදී සර්කොව්ස්කි වෙත ලැබුණා.
දුදා පෝලන්තයේ පාලක නීතිය සහ යුක්තිය පක්ෂයේ සහය ලැබුවා. ජාතිකවාදී, යුරෝපා සංගමයට විරුද්ධ කඳවුරේ අයකු වන ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්‍ට සහය දක්වන්නෙක්.පෝලන්ත ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත වූයේ පසුගිය මැයි මාසයේයි. එහෙත් කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දමනු ලැබුණා.
චාමර සුමනපාල