PCR ටෙස්ට් එකට ගෙනා බන්ධනාගර රැදවියකු උඩුමහෙන් වැටී මරුට

කොරෝනා පරීක්ෂාව සඳහා මීගමු රෝහලට ඇතුළත් කරන ලද බන්ධනාගාර රැදවියෙකු වූ එහි අට වන මහලෙන් වැටී මරණයට පත් වී තිබේ. මීගමු බන්ධනාගාරයේ සිටි මෙම රැුදවියාට කොරෝනා දැයි පරික්ෂා කිරීම සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.


බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටියදී ඔහු ඊයේ මධ්‍යම රාත්‍රියේ අතුරුදහන් වීමෙන් පසු සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ ඔහු බිම වැටී මියගොස් ඇති බවයි.මෙසේ මිය පුද්ගලයා වයස අවුරුදු 34 ක් පමණ පුද්ගලයෙකි. ඔහුගේ කොරෝනා පරීක්ෂාවේ ප්‍රතිඵල අද දිනයේ ලැබීමට නියමිතව ඇත.

Recommended For You

About the Author: Editor