35ට වැඩීනම් සෞඛ්‍ය තත්ත්වය ගැන දැනගැනීමට මොබයිල් ඇප් එකක්

වයස අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ගේ පෞද්ගලික සෞඛ්‍ය වාර්තා ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) මගින් අදාළ පුද්ගලයාට දෛනිකව දැනගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.

ඉන් අනතුරුව ඔවුන්ගේ නිරෝගී බව තහවුරු කිරීමට අවශ්‍ය මැදිහත් වීම ඒ ඒ බල ප්‍රදේශයට අයත් රෝහල් විසින් කඩිනමින් සිදු කරනු ඇත.

ජනතාව රෝහල වෙත සේවා සඳහා පැමිණීම වෙනුවට සෞඛ්‍ය අවදානම් සහිත ප්‍රජාව සොයා අදාළ බලධාරීන් පැමිණීම මෙහිදී සිදු වෙයි.

අදාළ රෝහල සිය සේවා ලබාදීමේදී ප්‍රාදේශීය ලේකම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු ප්‍රදේශයේ සියලුම සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන රජයේ නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor