
කෝවිඩ්-19 වසංගතය තවත් බරපතල විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.පිළිගත් සෞඛ්‍යාරක්ෂිත පුරුදු වන සමාජ දුරස්ථභාවය, අත් සේදීම සහ අවශ්‍ය ස්ථානවල මුහුණු ආවරණ පැළැඳීම ආදිය කෙරෙහි නිසි අවධානයක් නොදුන්නහොත් කෝවිඩ්-19 වසංගත තත්ත්වය තවත් භයානක වියහැකි යයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් අද නොම් ගෙබ්‍රෙයෙසුස් පවසනවා.
ඔහු කියා සිටියේ විවිධ රටවල අනුගමනය කරන එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති හේතුවෙන් වසංගතය පාලනය අපහසු වී ඇති බවයි.මේ වනවිට වසංගතයේ කේන්ද්‍රය වී ඇත්තේ ඇමරිකා මහද්වීපයි. එයිනුත් ඇමරිකා එක්සත් ජනපදය හා බ්‍රසීලය එයින් දැඩිව පහර කන අතර එම දෙරටේම නායකයින් ගෙනගිය ප්‍රතිපත්ති දැඩි ලෙස ප්‍රශ්න කිරීමට භාජනය වී තිබෙනවා.
ලොවපුරා කෝවිඩ්-19 ආසාදනය වූ බව තහවුරු වූවන් මිලියන 13 කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. මියගිය සංඛ්‍යාව 570,000 කට ආසන්නයි.