
ඉරානයේ පසුගියදා සිදු වෙමින් පැවති පිපිරීම් මාලාවට තවත් එකක් එකතු වී තිබෙනවා.ජූලි 13 වනදා සිදුවූ මෙම පිපිරීම වාර්තා වන්නේ නැගෙනහිර ඉරානයේ කොරසාන් ප්‍රාන්තයේ කෆ්යාන් ප්‍රදේශයෙන්.එම ප්‍රදේශයේ ගිනි නිවන දෙපාර්තමේන්තු ප්‍රධානියා කියා සිටියේ ද්‍රව ගෑස් කම්හලක පිපිරීමක් මීට හේතු වී ඇති බවයි.
මෙම ගින්නෙන් එම කම්හලට මෙන්ම අවට ගොඩනැගිලිවලට ද දැඩි හානි සිදුව ඇතැයි වාර්තා වුණා. කෙසේ වෙතත් මෙහිදී ජීවිත හානි නොවූ බව ගිනි නිවන දෙපාර්තමේන්තු ප්‍රධානියා කියා සිටිනවා.ජූනි මාසයේ අවසන් සතියේ සිට ඉරානයේ විවිධ ස්ථානවලින් පිපිරීම් කිහිපයක්ම වාර්තා වුණා.
මේ බොහොමයක් ගෑස් කාන්දුවීම් ආදී අනතුරු ලෙස බලධාරීන් විසින් හඳුන්වා දෙනු ලැබුණා. කෙසේ වෙතත්, ඉස්ෆහාන් නගරය ආශ්‍රිත ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරයක සිදුවූ පිපිරීම පිළිබඳව ඊශ්‍රායලය දෙසට චෝදනා එල්ල වී තිබෙනවා. එම පිපිරීමෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට අනතුරු සිදුවූයේ නැහැ.