
නොවැම්බර් 28 වන දින චීනයේ සාන්යා හී ආරම්භ වීමට නියමිත හයවන ආසියානු වෙරළ තරඟාවලියේ කබඩි කණ්ඩායම තේරීම ක්‍රීඩා අමාත්‍යංශයේ දැණුම්දීම මත කල් දැමීමට සිදු වූ බව ශ්‍රී ලංකා කබඩි සම්මේලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.සන්යා හී ඩැඩොන්ගායි හී පැවත්වීමට නියමිත කබඩි තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනයට තේරීම් තරඟ සඳහා සහභාගි වීමට නියමිත ක්‍රීඩකයන්ට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ලද වහාම තේරීම් තරඟ පවත්වන බැවින් සිය ශරීරයේ නියමිත බර මට්ටම් සුරක්ෂිත වන පරිදි ශාරීරික යෝග්‍යතාවය රැක ගැනීමට අවශ්‍යය උපදෙස් ලබැ දී ඇති බවද කබඩි සම්මේලන ආරංචි මාර්ග තව දුරටත් පෙන්වා දෙයි.
මෙසේ කල් දමා ඇත්තේ ජූලි 15 වන බදාදා දින මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදී පවත්වන්නට යොදී තිබුණු කබඩි තරඟයි.
නිශ්මං රණසිංහ