කඩුලු පැනීමෙන් රට දිනූ, ආචාර්ය මේනකා නිල්මිණි කළුපහන

මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කේෂ්ත්‍රයට අමතකව යමින් තිබෙන මේනකා නිල්මිණි කළුපහන ශ්‍රී ලංකාව බිහි කළ අති දක්ෂ මීටර් 400 කඩුළු පැනිමේ සූරියකි.තවමත් 31 හැවිරිදි ඇය මේ වන විට වානා විශ්ව විද්‍යාලයෙන් ක්‍රීඩා සම්බන්ධයෙන් ලද අචාර්ය උපාධියක් සහිතව මෙක්සිකෝවේ පදිංචිව සිටින්නීය.


රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයෙන් මලල ක්‍රීඩා පිටියට දායාද කළ මේනකා,රත්නපුරයෙන් බිහිවන බොහෝ ජාතික මට්ටමේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු වන බී.ආර්.පාලිත යටතේ ජාතික සූරතාවය දක්වා පැමිණෙන විට වයස් අවුරුදු 20 සම්පූර්ණ වූවා පමණි.එහිදී ක්‍රීඩාව වෙනුවෙන් ලද කියුබානු ශිෂ්‍යත්වයකින් හවානා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනයට වරම් ලද මේනකා,දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිය ක්‍රීඩා ජීවිතය නඩත්තු කළ ක්‍රීඩිකාවකි.
එහිදී එම විශ්ව විද්‍යාලයේ කැපි පෙනෙන සිසුවියකව සිටියදී විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් සෝවියට් දේශයේ තරුණ උළෙලකට සහභාගි වූ අවස්ථාවේ එවකට තරුණ අමාත්‍යවරයාව සිටි ඩලස් අලහප්පෙරුමට මුණ ගැසී,ඔහු ඇයට සිය මව්පියන් බැලීමට ලංකාවට ඒම සඳහා අනුග්‍රාහකත්වයක් දැක් වීය.

බෝ නොවන රෝග සම්බන්ධයෙන් අවශ්‍යය ශාරිරික යෝග්‍යතාවය පිළිබඳව සිය ආචාර්ය උපාධිය හරහා ද උගෙන ඇති මේනකා නිල්මිණි කළුපහන,මේ වන විට එම වෘත්තීය දැණුමෙන් මෙක්සිකෝවේ ව්‍යාපාරයකට මුල පුරා සිටින අතර,ඇය මේ දිනවල ලෝකයේම අවධානය දිනාගත් අවධානම සමඟ ස්වෙච්ඡා සේවිකාවක ලෙස සමාජ මෙහෙවරක නියැලෙමින් සිටින්නීය.


මේනකාගේ බලාපොරොත්තුව ඉකුත් වසරේ නැවතත් විශ්ව විද්‍යාල ඉගැන්වීම්වලට යොමු වී මහාචාර්යවරියක වීමට අවශ්‍යය සුදුසුකම් සපුරා ගැනීමට අවශ්‍යය පර්යේෂණ කටයුතුවලට පිවිසීමය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor