මුහුදු කොල්ලකරුවෝ රුසියානුවන් දෙදෙනකු පැහැරගනිති

නයිජීරියාවට එපිට මුහුදේදී කොල්ලකරුවන් පිරිසක් විසින් රුසියානුවන් දෙදෙනකු පැහැරගෙන තිබෙන බව එරට රුසියානු තානාපති කාර්යාලය තහවුරු කළා. ලාගෝස් නගරයට කිලෝමීටර් 30 ක් ඈත මුහුදේදී සැප්තැම්බර් 8 වෙනිදා Water Phoenix නම් නැවකට කඩාවැදුණ කොල්ලකරුවන් නැවේ කපිතාන් හා තවත් අයකු පැහැරගෙන තිබෙනවා. මේ දෙදෙනාම රුසියානුවන්. නැවෙහි සම්පූර්ණ කාර්යය මණ්ඩලය 18 දෙනකු වූ අතර ඉන් හත් දෙනකු රුසියානුවන් වනවා. අනෙක් 11 දෙනා පිලිපීන ජාතිකයන් බවයි වාර්තා වන්නේ. නයිජීරියානු ආරක්ෂක අංශ හා එක්ව මෙම රුසියානුවන් දෙදෙනා පිළිබඳ සොයාබැලීමට කටයුතු කරන බව රුසියානු තානාපති කාර්යාලය පැවසුවා.

Recommended For You

About the Author: Editor