
පවතින තත්ත්වය හමුවේ යම් යම් ක්‍රීඩාවන්වල පුහුණුවීම් ආරම්භ කිරීමට සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව අවසර ලබා දෙන්නට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන ඇති නමුත්,ස්පර්ශයන් සහිත ක්‍රීඩාවන්ට එම අවස්ථාව හිමි වී නැත.ඒ සම්බන්ධයෙන් මේ වන විට මෑත කාලයේ යම් මට්ටමකට ජාත්‍යන්තර ජයග්‍රහණ ක්‍රීඩාවක් ගෙනා බොක්සි් ක්‍රීඩාවේ තත්ත්වය කෙබඳුද යන්න ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති ඩයන් ගෝමස් මහතාගෙන් අප කළ විමසීමකදි ඔහු පෙන්වා දුන්නේ තරඟකාරී මට්ටමට බොක්සිං ක්‍රීඩාව ආරම්භ කිරීමට නොවැම්බර් පමණ වන විට හැකි වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.
මෙය ශ්‍රී ලංකාවට පමණක් බලපාන තත්ත්වයක් නොවන බව පෙන්වා දුන් බොක්සිං සභාපතිවරයා,පෞද්ගලිකව සිය ක්‍රීඩකයන් මේ අසීරු තත්ත්වය තුළ දි පවා සිය ක්‍රීඩාවට අවශ්‍යය ශරීර යෝග්‍යතාවය අමතක නොකර ඇති බව තමන්ගේ විශ්වාසය බව පෙන්වා දුන්නේය.යම් අවධානමකට සමාජය මුහුණ දී තිබුණ ද සියලුම පුරවැසියන් මේ තත්ත්වය තුළ සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීමෙන් රටට යහපත් ප්‍රතිපල ළඟා කර ගැනීමට හැකිවනු ඇති බව සඳහන කළේය.ඒ අනුව නොවැම්බර් විතර වෙන කොට යළිත් තරඟකාරීව බොක්සිං ක්‍රීඩාවට පිවිසෙන්නට හැකි වනු ඇති බවත් 2022 දී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ දිනා දීම වෙනුවෙන් බොක්සිං ක්‍රිඩාව මෙහෙයවන බවත් පෙන්වා දුන්නේය.
නිශ්මං රණසිංහ