රාම කුමරු උපන්නේ නේපාලයේ බව එරට අගමැති කියයි

රාමායන කතාවේ රාම කුමරු උපන් අයෝධ්‍යාව සත්‍ය වශයෙන්ම පිහිටා ඇත්තේ නේපාලයේ බව එරට අගමැතිවරයා කළා යයි කියන ප්‍රකාශයක් හේතුවෙන් විශාල ආන්දෝලනයක් ඇතිව තිබෙනවා.”මෙතෙක් කල් අප සිතා සිටියේ රාම්, සීතාගේ ස්වාමි පුරුෂයා, ඉන්දියානුවකු බවයි. එය වැරදියි. ඔහු නේපාල ජාතිකයෙක්” යයි නේපාල අගමැති KP ෂර්මා ඕලි ප්‍රකාශ කළ බවට මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා.ඔහුගේ ප්‍රකාශය විශේෂයෙන්ම ඉන්දියානුවන් විසින් සමාජ මාධ්‍යයන් ඔස්සේ හාස්‍යයට ලක්කර තිබුණා.

මේ අතර අයෝධ්‍යාවේ හින්දු පූජකයකු කියා සිටියේ ඕලි නේපාල ජාතිකයකු නොවන සෙයක් පෙනෙන බවයි. ඔහු තම රටේ ඉතිහාසය නොදන්නේ ඒ නිසා බව එම පූජකයා චෝදනා කළා. චීනය විසින් නේපාලයේ ගම්මාන විස්සක් තිහක් අල්ලාගෙන සිටියදී, එය අමතක කර දෑමීමට රාමා පිළිබඳ කතා මවන්නේ යයි මෙම පූජකයා තවදුරටත් තර්ක කර සිටියා.රාමායනයෙහි සඳහන් රාම කුමරු උපන් අයෝධ්‍යාව ලෙස සාමාන්‍යයෙන් සැලකෙන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි ස්ථානයක්.

පසුකාලීනව එහි මුස්ලිම් පල්ලියක් ඉදි කර තිබුණ අතර ඒ පිළිබඳ මතභේදයක් ද පවතිනවා. එහි නඩු විභාගය අවසන් වූයේ මීට මාස කිහිපයකට පෙරයි. එමෙන්ම හින්දු ජාතිකවාදීන් විසින් 1992 දී මෙම පල්ලියට පහරදීම නූතන ඉන්දියානු ඉතිහාසයේ ප්‍රකට අවස්ථාවක් වුණා

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor