ඕමානයෙන් පැමිණි 3කට කොවිඩ්

අද (14) සවස 2 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2, 649 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ආසාදිතයින් තිදෙනා ඕමානයේ සිට මෙරට ට පැමිණි අය බව ද වාර්තා වේ.

ඕමානයේ රැඳී සිටි ලාංකිකයින් 288 දෙනෙක් පසුගිය ජූනි මස 29 වන දින මෙරට ට පැමිණියේය. මේ වන විට ආසාදිතයින් 650ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

අද දින පුද්ගලයින් 7 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ය 1988 ක් දක්වා ඉහළ ගියේය.

Recommended For You

About the Author: Editor