
2021 වසරේ සිට රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමේ අයිතිය යුධ හමුදාව වෙත පැවරී සම්බන්ධයෙන්වූ විශේෂ සාකච්ඡාවක් අද ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ඒ අමාත්‍ය මහින්ද අමරවීර හා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
රියැදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම විදේශීය සමාගමකින් සිදුකර ගන්නා නිසා අපේ රටේ විශාල මුදලක් විදේශයට ඇදී යන බවත් ඉතා අඩු මුදලට එය ඉටුකරදීමට යුධ හමුදාවට හැකි බවත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කලේය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා යුධ හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුලත් තාක්ෂණික කමිටුවක් මේ වෙනුවෙන් පත් කිරීමද මෙහිදී සිදුවිය