වී කිලෝවකට රුපියල් 50ක සහතික මිලක්

වී කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 50ක සහතික මිලක් යටතේ යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යාශය දැනුම් දෙයි. 

පසුගිය වසරවල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 38 ක හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41 ක මිල ගණන් යටතේ මිලදී ගනු ලැබු අතර, ජනාධිපතිතුමාගේ රට හදන  සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය‍ට අනුව, නව රජය විසින් 2019/2020 යල කන්නයේදී සියලුම වී වර්ග සඳහා ඉහළ මිලක් ලබාදෙමින් වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 බැගින් මිලදී  ගනු  ලැබීය. ඒ අනුව, මෙවර යල කන්නයේදී ද වී ගොවීන්ගේ අස්වනු සඳහා ඉහළ මිලක් ලබාදීම සහතික කරමින් වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීම සඳහා  වී අලෙවි මණ්ඩල සතු දිවයින පුරා පිහිටි වී ගබඩා මේ වනවිට ද විවෘත කර ඇත. 

ප්‍රමාදයකින් තොරව වී ගොවීන්ගේ මුළු අස්වනු ප්‍රමාණයම රජයේ සහතික  මිල  ගණන් යටතේ මිලදී ගැනීම අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ද මේ වනවිට මහා භාණ්ඩාගාරය විසින් වී අලෙවි  මණ්ඩලය වෙත නිකුත් කර ඇත.

Recommended For You

About the Author: Editor