කෝවිඩ්-19 සටනට බිලි වූවන් සිහි කරමින් ප්‍රංශය ජාතික දිනය සමරයි

කෝවිඩ්-19 වසංගතයට බිලි වූ 30,000 කට අධික ප්‍රංශ වැසියන් සිහි කරමින් ප්‍රංශය එරට ජාතික දිනය ලෙස සැලකෙන බැස්ටීල් දිනය අද (ජූලි 14) සමරනවා.වෙනදාට පැමිණෙන විදෙස් රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් වෙනුවට අද මේ සඳහා ආරාධනා ලබා ඇත්තේ ගිලන්‍ රථ රියැදුරන්, සුපිරි වෙළෙඳසල්වල මුදල් අයකැමියන්, වෛද්‍ය සේවකයන්, තැපැල් සේවකයන් ආදියයි.

මේ අතර, ප්‍රංශ රෝහල්වල ධාරිතාව උපරිමයට ළං වෙද්දී, එරට රෝගීන්ට සිය රටවල රෝහල්වල ඉඩ සලසා දීමට ඉදිරිපත් වූ ජර්මනිය, ලක්සම්බර්ග්, ඔස්ට්‍රියාව හා ස්විට්සර්ලන්තය යන රටවල සෞඛ්‍ය ඇමතිවරුන් පැරිසියේ පවත්වන ප්‍රධාන උත්සවයේ විශේෂ අමුත්තන් වනවා.සාමාන්‍යයෙන් බැස්ටීල් දිනය එරට මහත් උත්සවශ්‍රීයෙන් සමරන්නක්. එහෙත් මෙවර එය සාපේක්ෂව සරල උත්සවයක් ලෙසයි සමරනු ලැබෙන්නේ.

මෙම උත්සවය සමස්ථ ජාතියේම කැපවීම සනිටුහන් කරන බව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් හමුදා නිලධාරීන් පිරිසක් ඉදිරියේ ඊයේ පැවැත්වූ කතාවකදී කියා සිටියා.බැස්ටීල් දිනය විසින් අනුස්මරණය කෙරෙන්නේ ප්‍රංශ විප්ලවයෙහි තීරණාත්මක අවස්ථාවක් වූ බැස්ටීල් සිරගෙදරට පහර දීමයි. 1789 ජූලි 14 වනදා එය සිදු වුණා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor