ක්‍රීඩා ඡන්ද අවසාන දවස අගෝස්තු 31

ජාතික ක්‍රීඩා සංගම්වල නිලවරණ සියල්ල අගොස්තු 31 වන දින විට අවසන් කරන්නැයි ක්‍රීඩා අමාත්‍යංශය දැණුම් දි තිබෙන බව අමාත්‍යංශ ලේකම් රුවන්චන්ද්‍ර සිල්වා මහතා පැවසීය.ඒ සියළුම නිලවරණවලදි මේ මොහොතේ ක්‍රියාත්මක වන සෞඛ්‍යමය උපදෙස් අකුරට පිළිපදින්නට අවශ්‍යය උපදෙස් ලබා දී ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා සංගම් කිහිපයක් අප කළ විමසිකදි පැවසුවේ පවතින තත්ත්වය අනුව ක්‍රීඩා සංගම් නිලවරණය මහා මැතිවරණයට පසු දිනෙක පැවත්වීමට එම සංගම් අපේක්ෂාවෙන් සිටින බවය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor