අසර්බයිජාන – ආර්මේනියා ගැටුම් උත්සන්න වන ලකුණු

පැරණි සෝවියට් දේශයෙහි සමූහාණ්ඩු දෙකක් ලෙස පැවති ස්වාධීන රාජ්‍යයන් බවට පත්වූ අසර්බයිජානය හා ආර්මේනියාව අතර සෝවියට් කාලයේ සිටම පවතින ආරවුලක් නැවත අලුත් වී තිබෙනවා.ජූලි 12 වනදා දෙරට අතර දේශසීමා ගැටුමක් ඇතිවුණා.

මේ වනවිට ද දෙපාර්ශවය අතර ගැටුම් නිරන්තරයෙන් සිදු වනවා. අද වනවිට සටන්වලින් තම හමුදා සාමාජිකයන් 11 දෙනකු මියගොස් ඇති බවත්, ඒ අතර ජෙනරාල්වරයකු ද සිටින බවත් අසර්බයිජානය කියා සිටියා. මේ අතර තම නිලධාරීන් දෙදෙනකු ද මියගිය බව ආර්මේනියාව පවසනවා.

ආර්මේනියාව තව දුරටත් පවසා සිටින්නේ අසර්බයිජානය විසින් එවන ලද ඩ්‍රෝන යාත්‍රාවකට ද තමන්ගේ ගුවන් ආරක්ෂක බලකා විසින් වෙඩිතබා බිම හෙළන ලද බවයි.මෙම ගැටුම්වලට මුල්ව තිබෙන්නේ නගාර්නෝ-කරබාක් ප්‍රදේශය පිළිබඳ වන ආරවුලයි. මෙම ප්‍රදේශය අසර්බයිජානයට අයත් වුවද එහි බහුතර ජනයා ආර්මේනියානුවන් වනවා. එහෙයින් ආර්මේනියාව එම ප්‍රදේශයට අයිතිය කියා පානවා.

1988 දී, එනම් සෝවියට් දේශය කඩා වැටීමට වසර තුනකට පෙර, මෙම ආරවුල ගැටුමක් කරා වර්ධනය වුණා. එයින් පසු විටින් විට දෙපාර්ශවය අතර ගැටුම් ඇති වනවා. මීට පෙර දෙපාර්ශවය අවසන් වරට අවි ගැටුම්වලට යොමු වූයේ 2016 වසරේ යි.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor