පෞද්ගලික බස් 50% ආදායම් ගැටලුව අද කැබිනට් එකට

ඊයේ (14) බස්නාහිර පලාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන් අධිකාරියේ නිලධාරින් සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෞද්ගලික බස් හිමියන් මුහුණ දී ඇති ආදායම් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවන ලද සෞඛ්‍ය ආරක්ෂණ නිර්දේශ පොදු ප්‍රවාහණයේ දී ක්‍රියාත්මක කිරීමත් සමග තම දෛනික ආදායම සියයට 50කටත් වඩා ප්‍රමාණයකින් පහත වැටී ඇටී බවත්, එමනිසා තවදුරටත් බස් කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි බවත් එමනිසා බස් ධාවනයෙන් තමන් ඉවත්වන බවත් සඳහන් කරමින් බස් රථ අයිතිකරුවන්ගේ සංගම් කිහිපයක් ඉදිරිපත් කල අදහස් කෙරෙහි මෙහිදී වැඩි අවධානයට ලක්කර ඇත.

බස් රථ සංගම් විසින් ඉල්ලා සිටින පරිදි මෙම අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීම හෝ ඉන්ධන සහනාධාරයක් ලබා දීම සිදු කළ නොහැකි නිසා ඔවුන්ගේ සාධාරණ ඉල්ලිම්වලට යම් ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් ලබා දිය යුතු යැයි තමන් විශ්වාස කරන බැවින් ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධව කරුණු  අද දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පැවැසීය.

පුන්සරා පීරිස්

Recommended For You

About the Author: Editor