
කොවිඩ් නිසා අපහසුතාවයට ලක්වූ ජනතාවගේ බැංකු ණය පොළී අනුපාතය අඩු නොකල වාණිජ බැංකු සොයා විශේෂ විමර්ෂණයක් ආරම්භ කල බව මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන් මහතා පවසයි.
ඉලක්කම් දෙකේ පොලී අනුපාතය තනි ඉලක්කමක් දක්වා මහ බැංකුව අඩු කලද තම නියෝග නොපිලිපැදි ඇතැම් වාණිජ බැංකු ජනතාව මත තවමත් බර පටවමින් සිටින බවද ඒ සම්බන්ධයෙන් සොයා බලා අදාල ආයතන සදහා කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම මෙම කමිටුව ස්ථාපිත කිරීමේ අරමුන බවද පවසා සිටියේය.
පුන්සරා පීරිස්