
වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ 3වැනි විත්තිකරු ලෙස නම් කර සිටි බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරී ඉමදූවගේ ඉන්දික සම්පත් නමැත්තා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කළා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින ඉමදුවගේ ඉන්දික සම්පත් නැමැත්තාට චෝදනා පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සාක්ෂි මේ දක්වා ඉදිරිපත් වී නොමැති බව දන්වා සිටියේය.
LFN අධිකරණ වාර්තාකරු