

ටවර්හෝල් රඟහල පදනම ඉදිරිපත් කරනු ලබන “ප්‍රේක්ෂා රංගකලා මහෝත්සවය 2020” මේ මස 24වනදා සිට 30වනදා දක්වා ටවර් රඟහල සහ එල්ෆින්ස්ටන් රඟහල කේන්ද්‍ර කොටගෙන ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු ශ්‍රේෂ්ට වේදිකා නාට්‍ය 14ක් මෙහිදී වේදිකා ගත වීමට නියමිතයි. පස්වරු 3.00 සහ පස්වරු 6.30 දර්ශන වාර ද්විත්වය පමණක් වේදිකා ගත වන මෙම උළෙලේදී පවතින වසංගත තත්ත්වයට අනුගතව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පැවැත්වීමට ටවර්හෝල් රඟහල පදනම පියවර ගෙන ඇත. සිනමාශාලාවල ක්‍රියාත්මක වන ආසන සංඛ්‍යාව සීමා සහිත කිරීමේ ක්‍රමවේදය මෙයට ද අදාළ බැවින් ටවර්හෝල රගහල පදනම හැකි ඉක්මනින් ආසන වෙන් කර ගැනීමට කටයුතු කරන ලෙස ප්‍රේක්ෂකයන් වෙත දන්වා සිටියි.පැවැත්වෙන වේදීකා නාට්‍ය, දිනය සහ පැවැත්වෙන රඟහල පහතින් දැක්වෙයි.
ටවර් රඟහලජූලි 24වනදා හෙන්රි ජයසේනගේ ‘හුණුවටයේ කතාව’
ජූලි 25වනදා සෝමලතා සුබසිංහගේ ‘විකෘති’
ජූලි 26වනදා රාජිත දිසානායකගේ ‘සිහින තරු හොරු අරං’
ජූලි 27වනදා ආර් ආර් සමරකෝන්ගේ ‘කැලණි පාලම’
ජූලි 28වනදා ජයලත් මනෝරත්නගේ ‘තලමල පිපිලා’
ජූලි 29වනදා තරංග බණ්ඩාරගේ ‘චව්දරි’
ජූලි 30වනදා චාමික හත්ලහවත්තගේ ‘රජා මං වහලා’ එල්ෆින්ස්ටන් රඟහල
ජූලි 24වනදා සයිමන් නවගත්තේගමගේ ‘සුබ සහ යස’
ජූලි 25වනදා කේ බී හේරත්ගේ ‘ජගන් මා’
ජූලි 26වනදා බන්දුල ජයවර්ධනගේ ‘බෙරහඬ’
ජූලි 27වනදා ලූෂන් බුලත්සිංහලගේ ‘තාරාවෝ ඉගිලෙති’
ජූලි 28වනදා ජයන්ත චන්ද්‍රසිරිගේ ‘හංකිති දහතුන’
ජූලි 29වනදා ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භීෂණ’
ජූලි 30වනදා දයානන්ද ගුණවර්ධනගේ ‘මධුර ජවනිකා’