හොංකොං වෙත හිමි විශේෂ ස්ථානය ඉවත් කිරීමට ට්‍රම්ප් ක්‍රියා කරයි

හොංකොං වෙත හිමි විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමට අදාල විධායක නියෝගයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවා.මෙම යෝජනාවට මින් පෙරදී කොන්ග්‍රස් මණ්ඩලයේ ප්‍රධාන් පක්ෂ දෙකේම අනුමැතිය ලැබී තිබුණා.

මේ අතර හොංකොං හි ස්වතන්ත්‍ර බලතල කපා දැමීමට දායක වූ චීන නිලධාරීන්ට හා ව්‍යාපාරවලට එරෙහිව සම්බාධක පැණවීමට ද ඇමරිකාව තීරණය කර තිබෙනවා.ට්‍රම්ප් කියා සිටියේ හිංකොං වැසියන්ගේ නිදහස හා අයිතිවාසිකම් උදුරාගෙන ඇති බවයි.

ඒ සමගම හොංකොංවලට නිදහස් වෙළෙඳපොළ සමග තරග කිරීමේ හැකියාව ද අහිමි වී ඇති බව ට්‍රම්ප් පවසා සිටිනවා. බොහොමයක් දෙනා හොංකොං හැර යනු ඇතැයි ද ඔහු කියා සිටියා.1992 දී සම්මත වූ නීතියක් අනුව ඇමරිකාව විසින් වෙළෙඳ හා වාණිජ කටයුතු මෙන්ම අනෙක් කරුණු සම්බන්ධව ද, මෙතෙක් හොංකොං සලකන ලද්දේ මහජන චීනයෙන් වෙනස් ප්‍රදේශයක් ලෙසයි.

කෙසේ වෙතත් චීනය විසින් සම්මත කළ ජාතික ආරක්ෂක නීතිය අනුව හොංකොං හි ස්වතන්ත්‍ර පාලන බලතල සීමා කෙරෙනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor